ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව අදාළව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් පත්‍රය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ වනවිට නිකුත් කර අවසන්.
පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය ලබන ජනවාරි මස 18 වන දින පෙරවරු 10ට යළි ආරම්භ වීමට නියමිතයි.
නව සැසිවාරයක් ආරම්භ කිරීමේ දී තේරීම් කාරක සභා නැවත පත්කළ යුතුයි.
පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමත් සමඟ කාරක සභාවල කටයුතු අක්‍රීය වන අතර නව සැසිවාරය ආරම්භ කිරීමත් සමඟ එම කාරක සභා නැවත පත්කළ යුතුයි.