fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

දරුවන් සිව්දෙනෙකු ඇතුළු 6 දෙනෙකු බිළිගත් පාලම් පාරු අනතුර – (Video)

ත්‍රිකුණාමලය – කින්නියා ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරලි යාමෙන් සිදුවූ අනතුරකින් ළමයින් ඇතුළු හය දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

අද (23) උදෑසන මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් දිවි ගලවා ගත තවත් 14 දෙනෙකු කින්නයා මුලික රෝහලට ඇතුලත් කර ඇති බවයි ත්‍රිවිධ 24 වාර්තාකරුවන් සදහන් කළේ.

ඔවුන් අතරින් බරපතල තත්ත්වයේ පසුවූ තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා ත්‍රිකුණාමලය මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.

මියගිය අයගේ සිරුරු කින්නියා මුලික රෝහලේ මේවනවිට තැන්පත් කර ඇතිබවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ධාරිතාව ඉක්මවා වැඩි පිරිසක් ප්‍රවාහනය කිරීම අනතුරට හේතුව වන්නට ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.

අදාළ පාරුවේ පාසල් ළමුන් ඇතුළු මගීන් 25ත් 35ත් අතර පිරිසක් ගමන්කරමින් සිට ඇති බව පොලීසිය කියා සිටියේ.

කින්නියා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest