පාසල් වසා තැබීම නිසා ඇතිවූ සමාජීය බලපෑම තව දශක කිහිපයකින් අනතුරුව රට තුළ මතුවිය හැකි බව ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය ඡන්න ද සිල්වා මහතා පවසනවා.ඔහු පවසන්නේ දරුවන්ගේ සියලු සමබරතාවයන්ට වැදගත් වන පාසල නැවත විවෘත කිරීම ලැබීම ඉතා වැදගත් සිදුවීමක් බවයි.
”සියලු පාසල්වල අධ්‍යාපන කටයුතු ආරම්භ වීම දරුවන්ගේ පැත්තෙන් ගත්තොත් විශාල වාසියක්. ළමුන්ගේ පාසල් ගමන අඩාල වීම නිසා ඔවුන් නිවසට කොටු වී සිටි නිසා කායික මානසික හා සමාජීය ගැටලු ඇති වුණා.දරුවන්ගේ සියලු සමබරතාව යන්ට වැදගත් වන පාසල නැවත විවෘත කිරීමට ලැබීම සියලු දෙනාගේ ජයග්‍රහණයක්.මුඛ ආවරණ පැලඳීමෙන් covid පාලන වීම් පමණක් නොව දරුවන්ට නිතර වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව වැනි ශ්වසන රෝග පාලනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. නිතර අත සේදීම තුළින් දරුවන්ට වැළඳෙන පාචන තත්ත්ව වැනි දේවල් වලින්ද දරුවන් ආරක්ෂා වෙනවා පාසල් ආරම්භයත් සමගම දරුවන් කොරෝනා රෝගයට ගොදුරු වී ම සිදුවිය හැකිය නමුත් පාසල් ආශ්‍රිතව covid පොකුරු නිර්මාණය වීමක් සිදු වීම ඉතාම අවමයි. දරුවෙක් හෝ නිවසේ සිට කෙනෙකුට යම් කිසි සෙම්ප්‍රතිශ්‍යාවක් හෝ උණ තත්ත්වයක් පෙන්වනවා නම් දරුවන්ව පාසල් නොයවා සිටීම සුදුසුයි. සමහර පාසල්වල දරුවන්ට නැවත මේ රෝග තත්ත්වය ඇතිවීමේ ප්‍රවණතාවය දකින්න ලැබෙනවා.
යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ පත්‍රිකාවට අනුකූලව ඔවුන් සඳහන් කළ තිබෙනවා පාසල තුළ දරුවෙක් ගෙන් තවත් දරුවකුට මේ රෝගය වැළඳීමට හැකියාව ඉතාම අවම මට්ටමේ තියන කියලා.විශේෂයෙන්ම සාමාන්‍යයෙන් දරුවන්ට මේ රෝගය බහුලව ඇති වන්නේ නිවස තුළින්.
රිජ්වේ ආර්යා ළමා රෝහල ගත් විට පසුගිය කාලයට සාපේක්ෂව පසුගිය සති කිහිපය තුළ දරුවන්ගේ රෝගී තත්ත්වයන් වැඩි වෙලා තිබෙනවා. covid-19 තත්ත්වය අමතක කරලා පෙර පරිදි සාමාන්‍ය විදිහට ගත කරන්න ගියොත් සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළොත් නැවත රට භයානක තැනකට වැටෙනවා.
අපි නොදැනුවත්ව වෛරසයට ගොදුරු වූ රෝගියෙක් අපි ඉදිරියේ සිටින්න පුළුවන් ඕනෑම අවස්ථාවක” යනුවෙන් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසයි