පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි සටහන් කර ගැනීම අද හය වන දිනටත් සිදු කෙරුණා.
අද(29) දින සාක්ෂි දීම සඳහා පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.
නාමල් බළල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වෙනවා.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ සාක්ෂි සටහන් කරගැනීම ආරම්භ වී තිබෙනවා.
නඩු විභාගය තවදුරටත් පැවැත්වෙනවා.
ත්‍රිවිධ 24 අධිකරණ වාර්තාකරු : උදය කුමාර