fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

හිටපු ජනපති සහ අගමැතිට එරෙහි පෙත්සම් විභාග කිරීමට අවසර

ජාතික තවුහිත් ජමාත් සංවිධානය විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට විශ්වාස කළ හැකි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කොට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වරින් වර කල් දැමුණු මෙම පෙත්සම් අද(16) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී.බී.දෙහිදෙනිය, මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයි රාජා සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙම අවස්ථාවේදී විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ ප්‍රියන්ත ජයවර්ධන සහ ගාමිණි අමරසේකර යන විනිසුරුවරුන් පෞද්ගලික හේතූන් මත තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව දැනුම් දුන්නා.

ඉන් අනතුරුව විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සම් පිළිබඳ විභාගය මාර්තු මස 15, 16 සහ 17 යන දිනවල සිදුකරන ලෙසටයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, කතෝලික පියතුමන්ලා, මෙම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් පීඩාවට පත් පවුල්වල අයගේ ඥාතීන් ඇතුළු 11 දෙනෙකු විසින් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසක් නම් කර තියෙනවා.

ත්‍රිවිධ 24 අධිකරණ වාර්තාකරු – උදය කුමාර

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest