fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

පාසැල් වහන තැනට තල්ලු කරන්න එපා – මන්ත්‍රි එස්.බී

කුමන ගැටළු පැන නැගුනත් පාසැල් වසා තබන තැනට රට තල්ලු නොකරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී.දිසානායක මහතා පවසනවා.

ඔහු මේ අදහස් පලකලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින්.

එම පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රි එස්.බී.දිසානායක මහතා

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී.දිසානායක මහතා..

“මේ විපක්ෂය අපේ රටේ ආණ්ඩුවට, ජනතාවට ඇහුම්කන් දෙන්නේ නෑ වගේම ලෝකයටම ඇහුම් කන් දෙන්නේ නෑ. පහුගිය කාලය තුළ මේ ලෝකයම වසා දැමී නිසා විශේෂයෙන්ම පාසැල් වසා දැමීම නිසා ලෝකයේ සියදිවිහානි කර ගැනීම් 16 වෙනි තැන සිට 04 වෙනි තැනට ඇවිල්ලා තිබෙනවා. ඒ සියදිවිහානි කර ගැනීම් වලින් 80% ක් ම සිටින්නේ පාසැල් දරුවෝයි. කැනඩාවේ ඩකාරා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සම්භාවනීය මහාචාර්යවරයෙක් වන මිචෙල් චොස්ඩොව්ස්කි පිටු 60 ක විශේෂ ප්‍රකාශයක් කරලා තිබෙනවා. එතුමා කියන්නේ මොන ප්‍රශ්න ආවත් ලෝකයේ රටවල්, පාසැල් වහන තැනට තල්ලු කරන්න එපා කියලා. මම විපක්ෂ නායකතුමාට සහ ජනතා විමුක්ති පෙරමුණට කියනවා කරුණාකරලා ඒ ප්‍රකාශය කියවලා බලන්න කියලා. මේ දරුවන්ට ඇතිවෙන මානසික ආතතිය නිසා මේ දරුවෝ සියදිවිහානි කරගැනීම් තත්වය ඉතාමත් වේගයෙන් වැඩිවෙලා. බොහෝම අමාරුවෙන් නැවත පාසැල් ටික ලබන සදුදා ආරම්භ කරන්න සූදානම් වෙලා සිටිනවා. ඒ නිසා මේ රටවල් වහන තත්වයට කටයුතු කරන අපරාධය කරන්න එපා. මේ දරුවන්ගේ මානසිකත්වය විකෘතිවෙලා තිබෙන්නේ. අපි හැම දෙයක්ම කරන්නේ හොඳම දේ දරුවන්ට දෙන්නයි”

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest