2021 වර්ෂය සදහා පාසැල් විභාග පැවැත්වෙන දින අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන්නේ ලබන වසරේ ජනවාරි 22 වැනිදායි.
අ.පො.ස උසස් පෙළ විභාගය පෙබරවාරි 07 වැනිදා සිට මාර්තු මස 05 වැනිදා දක්වා පැවැත්වෙනවා.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ මැයි මස 23 දා සිට ජූනි මස 01 දක්වායි.
පාසල් විවෘත කිරීමත් සමග විභාග පැවැත්වෙන ශ්‍රේණිවල විෂය නිර්දේශ සම්පුර්ණයෙන් ආවරණය කළයුතු බව අධ්‍යාපන අමාත්‍යංශය සියලු අධ්‍යාපන හා පාසැල් බලධාරීන්ට දැනුම් දෙනවා.
සියලුම පාසැල් සදහා නත්තල් උත්සවය වෙනුවෙන් නිවාඩු ලබා දෙන්නේ ලබන මස 23 වැනිදායි.
එම නිවාඩුව දෙසැම්බර් මස 27 වැනිදා අවසන් වෙන අතර එදින නැවත පාසැල් යළි ආරම්භ කරනවා.
අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම සදහා නිවාඩු ලබා දීම පෙබරවාරි 03 වැනිදා සිදුකෙරෙන අතර එදිනට පාසැල්වල ප්‍රාථමික ශ්‍රේණි සදහා නිවාඩු දීමක් සිදුවන්නේ නැහැ.
අ පො ස උසස් පෙළ විභාගයෙන් පසුව පාසැල් නැවත ආරම්භ කිරීම මාර්තු මස 07 වැනිදා සිදු කෙරෙනවා.
2021 වර්ෂය සදහා සිංහල හා දෙමළ පාසල් වාරය අවසන් කිරීම අප්‍රේල් මස 08 වැනිදා සිදුකරන අතර සිට අප්‍රේල් 09 වැනිදා සිට 17 දක්වා පාසැල් නිවාඩුව ක්‍රියාත්මකයි.
2022 වර්ෂය සදහා සිංහල හා දෙමළ පාසල් වාරය නැවත ආරම්භ කිරීම සිදුවන්නේ අප්‍රේල් මස 18 වැනිදායි.