fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

පැතුම් – ධනංජය ශ්‍රී ලංකාව සටන්කාමී අඩියකට රැගෙන යයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනයවන අද(02) දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය දෙවන ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 151ක් ලබා සිටියා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන්කාමි පිති හරඹයක නිරත වුණු පැතුම් නිස්සංක ලකුණු 66ක් ලබා ගත් අතර ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 45ක් ලබා ගෙන සිටිනවා.

ඔවුන් දෙදෙනා එක්ව සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක සබදතාවක් ගොඩ නැගුවා.

අද උදෑසන තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු දෙකක් දැවී ලකුණු 46ක් ලබා තරමක් අභියෝගාත්මක අඩියක පසුවුණා.

අද උදෑසන ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්වන කඩුල්ල ලෙස චරිත් අසලංක ලකුණු 19කට දැවී ගියා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest