fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

පුද්ගල ඒකරාශීවීම් වහාම නතර කළ යුතුයි – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

දෛනික වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන ඉදිරියේදී ඉහල යා හැකිබව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මෙලෙස දෛනික ආසාදිතයින්ගේ ගණන ඉහල ගියහොත් සෞඛ්‍ය පද්ධතියට යලිත් ගැටළුකාරී තත්වයන්ට මුහුණදිමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

එමෙන්ම පුද්ගල ඒකරාශීවීම් සඳහා ජනතාව කටයුතු නොකළ යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

මීට දින දහයකට පෙර අපේ හැසිරීම අනුව තමයි මේ ආකාරයෙන් රෝගීන් හමුවන්නේ දැන් අපි හැසිරෙන ආකාරයට තවත් දින දහයකින් එහි ප්‍රතිඵල දැනගන්න පුළුවන් සෞඛ්‍ය අංශ එන්නත්කරණය කරගෙන යන මේ මොහොතේ නැවතත් රෝගීන් සංඛ්‍යාව වැඩි වුනොත් ඉදිරියට කෙරෙන එන්නත් වැඩපිළිවෙළට පවා බාධා එල්ල වන්න පුළුවන් නිවාස තුල බලා ගන්නා රෝගීන් පිළිබඳ සොයා බලන්නත් බැරිවෙන්න පුළුවන් එම නිසා වගකීමෙන් අපි හැසිරිය යුතුයි.ජන ඒකරාශී වීම් සඳහා අදාල වන නීතිමය තත්ත්වය ඇතුලත් කර ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා ඉදිරියේ දී එහි කාරණා සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා ඔබව දැනුවත් කරනු ඇති මෙම ගැසට් පත්‍රය තිබුණත් නැතත් ඒකරාශි වීම් සඳහා අපි කටයුතු නොකළ යුතුයි ඒ හරහා සිදුවන්නේ පුද්ගලයෙකුගෙන් පුද්ගලයකුට බෝ වෙන මෙම රෝගය නැවත පැතිරීමයි සෑම මොහොතකම අප මේ පිළිබඳ දැනුවත් කිරීම් සිදුකළා ඔබතුමාලා මේ පිළිබඳව දැනුවත් කිරීම් සිදු කළා නමුත් මේ කිසිම දැනුවත් කිරීමකින් ජනතාව නිසි අවබෝධයක් ලබාගෙන නොමැති වීම නිසා මෙවැනි නීතිමය ගැසට් පත්‍රයක් නිකුත් වෙන්න ඇති ප්‍රවාහන මාධ්‍යය හෝ වේවා වෙනත් ආයතනයක හෝ වේවා මෙම රෝගය පැතිරීම වළක්වාගැනීමට නැවුම් ක්‍රමවේද භාවිතා කළ හැකි ඒ පිළිබඳ ඔවුන් විසින් නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතු ඒ අනුව සෑම විටම නැවුම්ව කල්පනා කරලා වෙනස්ම වැඩපිළිවෙළක් මෙම රෝගය පැතිරීම වැළැක්වීමට ගත යුතුයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest