fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

පොදු අපේක්ෂකයා බිහිවන්නේ ස.ජ.බේ නායකත්වයෙන් – තිස්ස අත්තනායක (VIDEO)

ඊළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත්වන්නේ නම් ඒ සමගි ජන බල වේගය නායකත්වය දෙන අපේක්ෂකයෙක් බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා

එක්සත් ජාතික පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ වෙන වෙනම සංවිධානය වීමෙන් සමගි ජන බල වේගයට බලපෑමක් නොවන බවත් ඉදිරියේදී මේ සියලු දේශපාලන බලවේග එක් අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වනු ඇති බවත් තිස්ස අත්තනායක මහතා පැවසුවේ වරකාපොල තුල්හිරියේ ඊයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා

” එ ජා ප ය ක්‍රියාත්මක වෙන එක හොඳයි.ඒ අයටත් දේශපාලන පදනමක් තියනවනම් ඒ දේශපාලන පදනම සංවිධානය වෙන එක හොඳයි. හැබැයි අමතක කරන්න එපා සමහර විට ආණ්ඩුවේ පාර්ශවය හිතනවා ඇති එජප සංවිධානය වෙන එකෙන් සජබ බිඳවැටෙනවයි කියල. නෑ එහෙම දෙයක් නෑ.සමගි ජන බලවේගය හොඳින් සංවිධානය වෙනවා බිම් මට්ටමින්.හැබැයි ඊළඟ ජනාධිපතිවරණය එනකොට ඔය ඔක්කොම එක ගොඩේ ඉඳීවි.ඒ නිසා ආණ්ඩු විරෝධී රැල්ලයි මේ සංවිධානය වෙන්නේ.සමහර අය කියනවා ජවිපෙ සංවිධානය වීම සජබ යට ප්‍රශ්නයක් වෙනවද කියලා.නෑ සජබ ට කිසි ප්‍රශ්නයක් නෑ. සජබ ප්‍රධාන දේශපාලන ව්‍යාපාරය හැටියට අපි නැගිටිනවා.ඊලග ජනපතිවරණයේදී ඔය සියලු පාර්ශවයන් ආණ්ඩු විරෝධීව සංවිධානය වෙනවා. ඒකේ ලොකු බලයක් අපිට ගොඩනැඟෙනවා.

මාධ්‍යවේදියා – පොදු අපේක්ෂකයෙක් එනවද.?

පොදු අපේක්ෂකයා කියල කියන්නේ අපි සජබේ නායකත්වය දෙන අපේක්ෂකයෙක්.ඔහු විපක්ෂයේ සියලු දෙනාටම පොදු අපේක්ෂකයෙක් වේවි.

කෑගල්ල – සමන්ප්‍රිය අධිකාරී

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest