ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවේශ මාර්ගයේ පවතින බාධක ඉවත් කිරීමේ හදිසි නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා
එලෙස පොලීසිය විසින් කරනු ලැබූ ඉල්ලීම සලකාබැලීම ලබන 12 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා
එම ඉල්ලීම අද (10) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේ සලකාබැලීමට නියමිතව තිබුණා
ඒ අනුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ එම ඉල්ලීම සලකාබැලීම ලබන 12 වනදා දක්වා කල්තබන ලෙසයි
ඉකුත් සිකුරාදා කොටුව පොලීසිය විසින් අධිකරණය හමුවේ වාර්තාවක් ගොනු කරමින් ඉල්ලා සිටියේ ගාලු මුවදොර ක්‍රියාත්මක “ගෝඨාගෝගම” අරගල ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රවේශ මාර්ගයේ බාධා මතුවී තිබෙන බවයි
හදිසි අවශ්‍යතාවයක් සේ සලකා එම බාධක ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය විසින් අධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබුණා
එම ඉල්ලීම අද දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවේ සලකා බැලීමට එදින කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ