පොලොන්නරුව වකුගඩු රෝහලේ පවතින අඩුපාඩු වහා විසදන ලෙසට ජනධිපතිවරයා නියෝග කර තිබුනත් එම ගැටළු තවමත් එලෙසම පවතින බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කලේ අද පාර්ලිමේන්තුවේදී අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින්.
පොලොන්නරුව වකුගඩු රෝහලට අවම තරමින් අධ්‍යක්ෂවරයෙකු හෝ මෙතෙක් පත්කර නොමැති බවත් ,රසායනාගාර කිසිවක් විවෘත කර නොමැති බවත් ,කෝටි 15 ක් පමණ වටිනා සී ටී ස්කෑන් යන්ත්‍රය කාමරයේ වසා දමා තිබෙන බවත් පැවසුවා.
වකුගඩු බද්ධ කරන්න ශල්‍යාගාර 6 ක් තිබෙන නමුත් ඒවා තවම ක්‍රියාත්මක නොවන බව පවසන හිටපු ජනධිපතිවරයා මේ ගැටළු පිළිබඳව තමන් සෞඛ්‍ය අමාත්‍යවරයාට අමාත්‍යංශයට ගොස් කරුණු කී නමුත් එම ගැටළු තවම නිරාකරණය වී නොමැති බව ප්‍රකාශ කළා.
”සමහරු කියනවා මම අහගෙන මේ චීනයෙන් ලැබුණු පොලොන්නරුව වකුගඩු රෝහල මේ රසායනික පොහොර ප්රශ්නය අවසන් කරලා රටම කාබනික වුනාම මේ රෝහල්වලින් වැඩක් නැහැ කියල,මේ වකුගඩු රෝගය ගත්තම කතානායක තුමනි වෛද්‍යවරයෙකුගෙන් ඇහුවම කියයි වකුගඩු රෝග කියක් තියෙනවද කියල වකුගඩු රෝග සිය ගණනක් තියෙනවා.ඒ නිසා හඳුනා නොගත් වකුගඩු රෝගයට විතරක්ම නෙමෙයි මේ වකුගඩු රෝහල හැදුවේ”
යනුවෙන් පැවසු සිරිසේන මහතා මේ රෝහලට දිවයිනේ සියලු ප්‍රදේශවලින් රෝගීන් පැමිණෙන බවද සදහන් කළා.