fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

පොහොර ගෙනා චීන සමාගමට මුදල් ගෙවීම පැනවූ වාරණය තව දිරටත් දීර්ඝ කෙරේ

අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට, හා එහි දේශීය නියෝජිත වරයාට මුදල් ගෙවීම වළක්වාලමින් පනවා ඇති වාරණ නියෝගය මේ මස 30 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද(19) නියෝග කළා.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් අද යළි සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර චීන පොහොර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ විරෝධතා ගොනු කළා.

අනතුරුව නඩුවේ වාරණ නියෝගය ලබන 30 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කළ විනිසුරුවරයා එදින වැඩිදුර විමසීම සිදුකරන බව දැනුම් දුන්නා .

පෙත්සම්කාර පොහොර සමාගම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි මහතා මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වමින් රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට ගෙන්වීමේ ටෙන්ඩරය ලබා ගත් වගඋත්තරකාර කුවින්ඩාඔ සිවින් බයොටෙක් ගප්‍ කොම්පනි නමැති චීන සමාගම එම ටෙන්ඩරය ක්‍රියාත්මක කරමින් පොහොර තොගයක් ලංකාවට එවීමට පියවර ගත් බව දැනුම් දී තිබුණා.

ඒ අනුව ජීවානුහරණය කළ කාබනික පොහොර මෙරටට නැව්ගත කිරීමට අවශ්‍යව තිබූණ ද එම කාබනික පොහොර වල ක්ෂුද්‍ර ජීවීන් සිටින බව අදාළ සමාගම නැව් උපදෙස් පත්‍රිකාව මගින් පිළිගෙන ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ වුණා.

ජාතික ශාක නිරෝධායන සේවය වෙත වගඋත්තරකාර චීන සමාගම විසින් යවා ඇති පොහොර නියදිය පරීක්ෂා කිරීමේදී එහි ඇතැම් පොහොර කොටස් වල හානිකර බැක්ටීරියා ඇතුළු ජීවින් සිටින බව තහවුරු වී ඇතැයි ද සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ තත්ත්වය මත වගඋත්තරකාර චීන සමාගම ටෙන්ඩරයේ පිළිගෙන තිබූ කරුණු සම්පූර්ණ කොට නැතැයි චෝදනා කළා

ඒ අනුව අදාළ චීන සමාගම වෙනුවෙන් නිකුත් කොට ඇති ණයවර ලිපියට අනුව කිසිදු මුදලක් එම සමාගමට, එහි දේශීය නියෝජිත ආයතනය වෙත හෝ මහජන බැංකුව වෙත ගෙවීම් හෝ ලබා ගැනීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි අතිරේක සොලිස්ටර් ජනරාල් වරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

මේ අතර ලංකා පොහොර සමාගම විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල ද යළි කැඳවීමෙන් අනතුරුව අදාළ වාරණ නියෝගය ලබන 30 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියම කළා.

ත්‍රිවිධ 24 අධිකරණ වාර්තාකරු : උදය කුමාර

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest