අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරඟාවලියේ ටීම් අබුඩාබි කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ලකුණු 10ක ජයක් වාර්තා කිරීමට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත්වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ටීම් අබුඩාබි කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට ආරාධනා කළා.
ඔවුන් නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුළු 5ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 130ක්.
හසතුල්ලාහ් සසායි ලකුණු 41යී.
ඉසුරු උදාන ලකුණු 14යි.
ජයග්‍රහණය සදහා ලකුණු 131 ක ඉලක්කයක් හඹාගිය ටීම් අබුඩාබි කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුළු 7ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 120ක් පමණයි.
ඉසුරු උදාන සහ ජේම්ස් ෆෝක්නර් කඩුළු 2 බැගින් දවාගත්තා.