ඊයේ දින (12) දඹගල්ල පොලිස් වසමේ මාරිඅරාව ප්රදේශයේ බඳින තුවක්කුවක් පත්තුවී තුවාල ලැබූ පුද්ගලයෙකු දඹගල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වූ මාරිඅරාව, දඹගල්ල ප්රදේශයේ පදිංචිකරුවක්.
එම පුද්ගලයා මුතුකණ්ඩිය වැවේ මසුන් ඇල්ලීම සඳහා මුතුකණ්ඩිය රක්ෂිතය මැදින් ගමන් කරමින් සිටියදී බඳින ලද තුවක්කුවක් පත්තුවීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.