ඉන්ධන සහ අමතර කොටස්වල මිල ඉහළ යාම හේතුවෙන් ආනයන අපනයන භාණ්ඩ ප්‍රවාහන බහාලුම් ප්‍රවාහන ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට 35 කින් වැඩි කර තිබෙනවා.
සමස්ත ලංකා එක්සත් බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය මේ බව නිවේදනය කළා.
මේ අතර, Lanka IOC ඉන්ධන පිරවුම්හල් මගින් වාහන සඳහා ඉන්ධන සැපයීමේ සීමාවන් ද සංශෝධනය කළා.
ඒ අනුව යතුරුපැදියක උපරිම සීමාව රුපියල් 2,500ක් ත්‍රිරෝද රථයක් සඳහා රුපියල් 3,000ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 10,000ක් ලෙස ක්‍රියාත්මක වනු ඇති.