මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (30) ඉන්දීය සංචාරයකට එක්වුණා..
එහිදී අමාත්‍යවරයා පිළිගත්තේ ඉන්දියාවේ ශ්‍රීලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසින්.
මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සහ ඉන්දීය රජයේ වෙනත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
එහිදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් සහයෝගය ලබාගැනීම සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම මෙම සංචාරයේ අරමුණයි.