fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

මගහැරුණු වසර දෙකක විෂය කොටස් මාස 3කින් උගන්වන්න බැහැ – ලංකා ගුරු සංගමය

කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකකට අසන්න කාලයක් මෙරට පාසල් වසා තැබීමට අධ්‍යාපන බලධාරීන්ට සිදුවුණා.

එලෙස පාසල් වසා දැමීම හේතුවෙන් අධ්‍යයන කටයුතු රැසක් දරුවන්ට මගහැරී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඊට පිළියමක ලෙස මග හැරුණු විෂය කොටස් සියල්ල ඉදිරි මාස තුනක කාලය තුළ උගන්වන ලෙස අධ්‍යාපන ලේකම්වරයා විසින් ගුරුවරුන් වෙත දැනුම් දී තිබෙනවා.

කෙසේ නමුත් ලංකා ගුරු සංගමය පවසන්නේ එම තීරණය ප්‍රයෝගික නොවන බවයි.

මේ හේතුවෙන් පාසල් ළමුන් මෙන්ම ගුරුවරුන් ද දැඩි අපහසුතාවට පත්වවන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ.

පාසල් ආරම්භ කළ පසු ඉගැන්වීමට අවශ්‍ය විෂය කොටස් අධ්‍යාපන අමාත්‍යශය විසින් නිකුත් කර තිබියදීත් මෙලෙස සියළු විෂය කොටස් ඉගැන්වීමට පැවසීම පුදුම සහගත බවයී ජෝසප් ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවසුවේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest