මත්ද්‍රව්‍ය වැරදි සඳහා අත්අඩංගුවට ගන්නා සැකකරුවන් බන්ධනාගාර ගත නොකර සෘජුවම පුනරුත්ථාපන කටයුතු සඳහා යොමුකරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසනවා.
ත්‍රිවිධ24 කල විමසීමකදී ඒ මහතා සඳහන් කලේ එම සැකකරුවන් නඩු කටයුතු අවසන් වනතෙක් බන්ධනාගාර ගත කිරීම තුල වෙනත් වැරදි සඳහා පෙළඹීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවයි.
මත්ද්‍රවය භාවිතය සම්බන්ධ වැරදි සඳහා අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් අතර 90% ක්ම වයස අවුරුදු 18 ත් 30 ත් අතර තරුණ පිරිස බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා වැඩිදුරටත් පැවසුවේ.