fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් විදේශිය ධීවර යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට – (VIDEO)

ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමක්‍ මඟින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය ධීවර යාත්‍රාවක් විදෙස් සැකකරුවන් 06 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණා.

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය හා එක්ව නාවික හමුදාව විසින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද එම මත්ද්‍රව්‍ය රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ එම යාත්‍රාවේ සිටි විදෙස් ජාතික සැකකරුවන් 06 දෙනා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක ආරක්‍ෂාව යටතේ ගොඩබිම වෙත රැගෙන ආවා.

නාවික හමුදා අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 250ක් පමණ වෙතැයි විශ්වාස කෙරෙනවා.

ඒ අනුව මත්ද්‍රව්‍ය රැගත් සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාව සහ විදේස් ජාතික සැකකරුවන් 06 දෙනා පිළිබඳ ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest