fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නිවසකට ප්‍රහාරයක් (Photos)

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ පාලම් පාරුවක් පෙරලීමෙන් අද(23) උදෑසන අනතුරක් සිදු වුණා.

මේ සිදුවීමෙන් පාසල් ළමුන් හතර දෙනෙකු ඇතුළු හය දෙනෙකු මිය ගිය අතර තවත් එකොලොස් දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

මේ පිළිබඳ කෝප වූ ජනතාව ත්‍රිකුණාමලය කුරිඤ්ඤංකර්නි පාලම අසළ සහ කින්නියා රෝහල් අසල පාර අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුණා.

එමෙන්ම කුරිඤ්ඤංකර්නි පාලමේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වීම මෙම අනතුරට හේතුවූ බවට ජනතාව චෝදනා කරනවා.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය භාර නිලධාරින් සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයින් මියගිය අයගේ මරණවලට වගකිව යුතු බවයි උද්ඝෝෂකයින් පවසන්නේ.

මේ අවස්ථාවේදී උද්ඝෝෂකයින් විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් .එස් තවුෆික් මහතාගේ නිවසටද ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest