මන්නාරම මුහුදේ බෝට්ටු සවාරියක් ගිය අවස්ථාවේ මුහුදට වැටී අතුරුදන් වූ තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළ සිරුරක් අද(13) සොයාගත් බව මන්නාරම පොලිසිය සඳහන් පවසනවා.
ඊයේ ( 12) මෙම තරුණයින් දෙදෙනා දියේ ගිලී අනතුරට ලක්වී තිබුණා.
අද(13) උදෑසන ධීවරයින් පිරිසකට හමු වූ මෙම මළ සිරුර අතුරුදන් වූ තරුණයින් අතර සිටි 21 හැවිරිදි අයෙකුගේ බවයි පොලිසිය සදහන් කළේ.
ඔහු යාපනය පේදුරුතුඩුව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර අතුරුදන් වූ අනෙක් තරුණයාගේ සිරුර සොයා නාවික හමුදාව, ධීවරයින් සහ පොලිසිය එක්ව තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරනවා.