fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

මහජන ඒකරාශී වීම් සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

කොවිඩ් – 19 සම්බන්ධයෙන් වන රෝගී ප්‍රදේශයක් ඇතුළත හෝ ඉන් පිටත ඒකරාශීවීමක්, ක්‍රියාකාරකමක් හෝ අවස්ථාවක් සම්බන්ධයෙන් නව නියෝග කිහිපයක් පනවමින්.

නිරෝධායනය හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ විධි විධාන ප්‍රකාරව එම ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර සමස්ත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන නිසි බලධාරියා විසින් නිශ්චය කරනු ලබන යම් කාලසීමාවක් සඳහා එම නියෝග බලපැවැත්වෙනු ඇති.

ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ඒකරාශීවීම, ක්‍රියාකාරකම් , අවස්ථාව හෝ ඒ හා සමාන රැස්වීම පැවැත්වෙන ස්ථානය සහ එහි වටපිටාව , ව්‍යුහය හෝ වටමායිම මෙන්ම ඊට සහභාගීවීමට අවසර දෙන උපරිම තැනැත්නන් සංඛ්‍යාව හෝ අවසර ලබාදිය හැකි ධාරිතාව සම්බන්ධයෙන් නව නියෝග නිකුත් කර ඇති බවයි.

යම් තැනැත්තෙකු විසින් එම නියෝග උල්ලංඝණය කරමින් යම් ඒකරාශීවීමක්, ක්‍රියාකාරකමක් හෝ අවස්ථාවක් හෝ ඒ හා සමාන රැස්වීමක් සඳහා අවසර ලබාදීම හෝ ඊට සහභාගීවීම නොකළ යුතු බව ද නව නියෝගවල සඳහන්.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් දැක්වූවා.

නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතට අනුව මුළු ශ්‍රී ලංකාවම රෝගී ප්‍රදේශයක් ලෙස නම් කර තිබෙනවා.රෝගීන් සංඛ්‍යාව ඉහළ යන තත්ත්වයක තිබියදී එවැනි දේ සිදු වුවහොත් නැවතත් ලබා දී තිබෙන සීමාවන් ලිහිල් වීමට හැකියාවක් ලැබෙන්නේ නෑ පාසල් ආරම්භ වී තිබෙන අවස්ථාවක මෙවැනි ක්‍රියාකාරකම් නොකර සිටීමට අපි සියලු දෙනා වග බලා ගත යුතුයි එසේ අවශ්‍යතාවයක් තිබෙනවා නම් එය තිබෙන ප්‍රදේශයේ අනුව රෝගීන් වාර්තා වන තත්ත්වය අනුව බලලා එයට අවසර ලබාදීමට කටයුතු කරනවා.එසේ කිරීමට නොහැකි නම් නොහැකි බවත් පවසනවා.සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් පරිදි එම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබූ අතර මෙහි විධිවිධාන උල්ලංඝනය කල හොත් නීතිමය පියවර ගැනීමට හැකියාවක් ඇති මුත් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය නොවන ආකාරයට සියලු දෙනා කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest