පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක දෙකට නායයාමේ අවදානමක් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවනවා.
මේ අතර දිවයිනට ගිණිකොණ දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය ඉදිරි පැය කිහිපය තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා
දිවයින පුරා අහස වලාකුළින් බරව පවතින බවත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ නිවේදනයේ සඳහන්.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.