මහනුවර – ඉළුක්මෝදර ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන මහවැලි ගඟට පෙරළුණු මෝටර් රථය හා එහි සිටි පුද්ගලයාගේ සිරුර පොලීසිය සහ හමුදාව එක්ව සිදුකළ සෝදිසියකින් අනතුරුව සොයාගෙන තිබෙනවා
මෙම මෝටර් රථය අනතුරට ලක්වුණේ ඊයේ රාත්රී 10 ට පමණ.
මියගිය පුද්ගලයා මහනුවර හාරගම ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෝටර් රථයේ සිටි තවත් දෙදෙනෙකු මේ අනතුරෙන් දිවි ගලවා ගැනීමට සමත්වුණා.
ත්රිවිධ 24 ප්රාදේශීය වාර්තාකරු – කමල් සුරවීර