එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර පැවති 5වැනි ඉන්දියානු සාගර සමුළුව අතරතුර මෙරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ සබඳතා සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයෙඩ් අල් නාහ්යන් මහතා හමු වී තිබෙනවා.
එහිදී අමාත්‍යවරුන් දෙදෙනා බලශක්තිය, ආරක්ෂාව සහ රැකියා අවස්ථා ඉහල නැංවීම යන මාතෘකා සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි මෙරට විදෙස් අමාත්‍යංශය අද(07) දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයා ට මෙරට සංචාරයක් සඳහා සහභාගී වන ලෙසටද මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ආරාධනා කර තිබෙනවා.