යාපනයේ සිට කොළඹට මාළු ප්රවාහනය කරන මුවාවෙන් රුපියල් කෝටි 4 කට අධික වටිනා කේරළ ගංජා තොගයක් ප්රවාහනය කල සැකකරුවන් දෙදෙනෙකු වව්නියාව ඕමන්ත පොලිස් මුරපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඕමන්ත පොලීසිය පවසන්නේ සිය භාරයට ගත් ගංජා තොගයේ ප්රමාණය කිලෝ 154 ක් බවයි.
යාපනය මහනුවර ඒ-9 ප්රධාන මාර්ගයේ ඕමන්ත යුදහමුදා සහ පොලිස් ඒකාබද්ධ මුරපොළේදී සැකකටයුතු ලොරිය පරික්ෂා කිරීමේදී මෙම ජාවාරම අනාවරණය වුණා.
සැකකරුවන් අද (08) දිනයේදී වවුනියාව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
වන්නි රොමේෂ් මධුසංඛ