fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

මිතුරන් දෙදනෙක් හෙට හතුරු සටනක

20 -20 ලෝක කුසලාන අවසන් මහා තරගය හෙට ඩුබායි හිදී පැවෙත්වෙනවා.

ඒ නවසීලන්ත කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතරයි.

මෙහිදී කණ්ඩායම් දෙකේ ප්‍රතිවාදීන් ලෙස හෙට දවසේදී දීර්ඝ කාලයක සිට මිතුරන් දෙදෙනෙක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ නවසීලන්ත කණ්ඩායමේ සුපිරි පිතිකරු ඩාර්ලි මිචෙල් හා ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු මාකස් ස්ටොනිස්‍.

ඔවුන් දෙදෙනා දීර්ඝ කාලයක සිට මිතුරන් වන අතර 2009 වසරේදී වයස අවුරුදු 19 න් පහළ බටහිර ඔස්ට්‍රේලියානු කණ්ඩායම් නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයින් දෙදෙනෙකි.

අනතුරුව සිය පියාට නවසීලන්ත රග්බි කණ්ඩායමක පුහුණුකාර ධූරය හිමි වීම නිසා ඩැරන් මිචෙල්ට නවසීලන්තයට සංක්‍රමණය වීමට සිදු වනවා.

අවසන් පූර්ව තරගවලදී එංගලන්ත කණ්ඩායම පරදවා නවසීලන්තය අවසන් මහා තරගයක් කරා රැගෙන යාමට ඩාර්ලි මිචෙල්ගේ පිති හරඹයත් පාකිස්තාන කණ්ඩායම පරදවා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් මහා තරගයට ඔසවා තැබීමට මාකස් ස්ටොනිස්ගේ පිති හරඹයත් හේතුවූ කාරණාවක්

ශ්‍රී ලංකා වේලාවෙන් හෙට රාත්‍රී 7.30 ට අවසන් මහා තරගය ආරම්භ වීමට නියමිතයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest