fbpx

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

මුතුරාජවෙල රක්ෂිතය තුළ යළි අනවසර ඉදිකිරීම් සිදුකිරීමට ඉඩ දෙන්නේ නැහැ – රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා

මුතුරාජවෙල රක්ෂිතයේ දැනට සිදුකර ඇති අනවසර ඉදිකිරීම්වල පදිංචි පුද්ගලයින්ගේ දෛනික කටයුතුවලට කිසිදු බාධාවක් සිදුනොකරන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා.

නමුත් මුතුරාජවෙල රක්ෂිතය තුළ යළි අනවසර ඉදිකිරීම් සිදුකිරීමට ඉඩ ලබානොදෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

“මේ ප්‍රදේශ තුළ තැනින් තැන වගුරුබිම් තියෙනවා. තැනින් තැන දැනටමත් ගොඩකරලා තියෙන ජනාවාස තියෙනවා. මේ ගොඩකරලා ජනාවාස තිබෙන එහෙමත් නැත්නම් දැනටමත් යම් යම් ආයතන ක්‍රියාත්මක වන ප්‍රදේශවලට අපි කිසිම බලපෑමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒක අපිට කරන්න ප්‍රමාද වැඩියි. දැනටමත් ජනතාව මේවාගේ ජීවත් වෙනවා. ජනතාව මේවාගේ ව්‍යාපාර කරනවා. ඒ අයගේ දෛනික වැඩපිළිවෙළට බාධා කරන්න කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ මෙතනින් එහාට මේ වගුරුබිම් පිරවීම පහත්බිම් ගොඩකිරීම වළක්වන එක. එතකොට අපි මෙතනින් එහාට ව්‍යාපෘතිවලට ඉඩ දෙන්නේ නැහැ කියන එකින් අදහස් කරන්නේ නැවත ගොඩකිරීම් කරලා ඒවාවල ව්‍යාපෘති කරන්න අපි ඉඩදෙන්නේ නැහැ කියන එක. ඒ නිසා මේ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට මොනයම් ආකාරයකින්වත් ඔවුන්ගේ ජීවන රටාවට වෙනසක් වෙන්නේ නැහැ. නමුත් අපි ඔවුන්ටත් ඉඩ දෙන්නේ නැහැ මේ ප්‍රදේශවලට කසළ බැහැර කරන්න. ඒවාගේම අලුතින් ඉඩම් අල්ලාගන්නට.”

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest