ඉන්දියාවේ දෙදින නිල සංචාරයකට එක්වී සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු ඇමතිනිය වන එස්. නිර්මලා සීතාරාමන් මහත්මිය හමුවී තිබෙනවා.
එහිදී දෙරට අතර ආර්ථික සහයෝගීතා වර්ධනය කරගන්නේ කෙසේද යන්න පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
දෙරට අතර පවතින ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතා වැඩසටහන් තවදුරටත් වර්ධනය කර වැඩිදියුණු කළ හැකි ක්‍රම සහ විධි පිළිබඳවද එහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හෙට (02) පස්වරුවේ අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතා මුණ ගැසීමට ද නියමිත බවයි වාර්තා වන්නේ .