fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

මුහමාලෙන් හමුවූ නිල ඇදුම්, මිනිස් අස්ථි හා ආයුධ (Photos)

කිලිනොච්චිය,මුහමාලෙයි ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කරන නිලධාරීන් පිරිසකට එල් ටි ටි නිල ඇදුමට සමාන නිල ඇදුම් ,මිනිස් අස්ථි හා ආයුධ කොටස් කිහිපයක් සොයා ගත් බව පලෙයි පොලිසිය පවසනවා

බිම් බෝම්බ ඉවත් කිරීමේ නිලධාරීන් අදාළ ස්ථානයේ ඊයේ කැණීම් කරන අවස්ථාවේ මෙම කොටස් නිරීක්ෂණය කර ඇති අතර පසුව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට තිබුණා

එහිදී කැණීම් නතර කිරීමට නියෝග ලැබුණු අතර ඉදිරි කැණීම් අධිකරණ නියෝග යටතේ සිදුකිරීමට නියමිතයි.

මීට පෙරද මුහමාලෙයි ප්‍රදේශයේ බෝම්බ ඉවත් කළ සීමාවේ තිබි මිනිස් අස්ථි කොටස්,ආරක්ෂක අංශ නිල ඇදුම් කොටස්,ආයුධ හා බිම් බෝම්බ ගණනාවක් හමුවී තිබුණා

යුද සමයේ එල් ටි ටි සංවිධානයේ හා යුද හමුදාවේ ඉදිරි ආරක්ෂක වළලු කිහිපයක් මුහමාලෙයි ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වුණා

-වවුනියාව මාධව කුලසූරිය-

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest