fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

මෙරටට ආර්ථිකය නගා සිටුවීමට ඉස්ලාමිය රටවල සහයෝගය අවශ්‍යයයි – අගමැති

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට ඉස්ලාමිය රටවල සහයෝගය අඛණ්ඩව අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ මෙරටට සිටින ඉස්ලාමිය රටවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරුන් අතර ඊයේ (30) කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින්.

එහිදී මෙරට කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙල විදෙස් තානාපතිවරුන් අගය කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසුවේ.

ඉස්ලාමිය රටවල් නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය පිලිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ඔවුන්ට සිය ප්‍රසාදය පළකර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest