fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

මෙරටින් හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයා ආගිය තැන පිලිබඳ තොරතුරු වසන් කරනවා – උපුල් රෝහණ (Video)

මෙරටින් හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයා තමන්ගේ තොරතුරු සහ පසුගිය දිනවල ආගිය තැන පිලිබඳ සත්‍ය තොරතුරු නොපවසන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

මාරවිල තල්විල ප්‍රදේශයේ පදිංචි මෙම ආසාදිත කාන්තාව සිය ස්වාමියා සමඟින් නයිජීරියාවේ සිට මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 24වැනිදායි.

ඉන් අනතුරුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමෙන් පසුව එම කාන්තාව සහ ඇගේ ස්වාමියා ලූනාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙනවා.

ගුවන් තොටුපලේ සිට නිරෝධායන මධ්‍යස්ථානය දක්වා සිදුවූ ක්‍රියාවලිය කිසිදු අයුරකින් අදාළ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුම්වත් නොකළබවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරන්නේ.

මේවන නිවෙස් නිරෝධායනය ලක්කර ඇති මෙම කාන්තාව සහ ඇගේ සැමියා පසුගිය දිනවල ආගිය තැන් පිලිබඳ සත්‍ය තොරතුරු නොපවසන බැවින් ඔවුන්ට එරෙහිව 1897 (3) දරණ නිරෝධායන පනත යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවයි උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest