fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

මෙරට ඔමික්‍රෝන් ආසාදිතයාගේ ආශ්‍රිතයින් කිසිවෙකුත් වාර්තා වී නැහැ – වෛද්‍ය අන්වර් හම්දානි (Video)

මෙරටින් හඳුනාගත් ඔමික්‍රෝන් ආසදිතයාගේ ආශ්‍රිතයින් කිසිවෙකුත් මෙතෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසනවා.

එමෙන්ම ගුවන් තොටුපළ හරහා ඇතුල්වන සංචාරකයින් නිරන්තරයෙන් පරීක්ෂාව ලක් කරන බවත් මුහුදු සීමාවන් හරහා එන සංචාරකයන්ද අදාල පරීක්ෂාවට ලක්කිරීමේ කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක බවයි හම්දානි මහතා වැඩිදුරටත් කියා සිටියේ.

“දැනට හඳුනාගත් දත්ත අනුව ඔමික්‍රෝන් ප්‍රභේදය සීඝ්‍රයෙන් ප්‍රචලිත වෙනවා කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා කරන්නේ නමුත් තාම විද්‍යාත්මකව කරුණු පදනම් කරගෙන පර්යේෂණ කරමින් පවතිනවා ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා දකුණු අප්‍රිකාවේ රෝගීන් වාර්තාවීම සහ ඔවුන් රෝහල්ගත වීම වැඩි වෙලා තිබෙනවා. අපි කළ යුතු කාරණය තමයි ඔමික්‍රෝන් ප්‍රභේදයට මුහුණදීම සදහා සියලුම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම මේ රෝගයට නිසි ලෙස කළමනාකරණය කරලා තිබෙනවා ඊට අවශ්‍ය බෙහෙත් එහෙත් තාක්ෂණ උපකරණ ශ්‍රම බලකාය පුහුණු වීම් මේ සියලුම කාරණා අනෙකුත් දියුණු රටක් මෙන්ම අපේ ක්‍රියාකාරකම් ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යනවා”

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest