fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

අවදානම් ස්ථාන හඳුනා ගැනීමට ඩ්‍රෝන තාක්ෂණය අවශ්‍යයි – ජ්‍යෙෂ්ඨ මහචාර්ය අතුල සේනාරත්න

මෙරට දිස්ත්‍රික්ක අටක නාය යෑමේ අවදානම් සහිත ස්ථාන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් සිතියම් ගතකර තිබෙන බවත් අදාළ ප්‍රදේශ වල පහසුවෙන් ළඟා විය නොහැකි තැන වල පවත්නා අවදානම ඩ්‍රෝන තාක්ෂණය මගින් අධ්‍යන්‍යය කර සිතියමට ඇතුළත් කිරීම අත්‍යවශ්‍යය කාරණයක් බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

අතුල සේනාරත්න මහතා පවසන්නේ නාය යෑමේ අවදානම සම්බන්ධව දැනට සිතියම් ගත කර තිබෙන්නේ දිස්ත්‍රික්කයක ප්‍රදේශ වශයෙන් බවයි

මෙය ඉතා කුඩා ප්‍රමාණයේ ස්ථාන ලෙස ගෙන හැර දැක්වීම සම්බන්ධව අවධානය යොමු විය යුතු බව පවසන ඒ මහතා.වැඩිදුරටත් සදහන් කළේ අදාළ සිතියම් ගත කිරීම මෙයට වසර ගණනාවකට පෙර සිදුකර තිබෙන බැවින් එම ප්‍රදේශ වල පහසුවෙන් ළඟා වීමට නොහැකි ස්ථාන ඩ්‍රෝන කැමරා මගින් අධ්‍යන්‍යය කර නව පැලීම් ඇතිව තිබෙන්නේද යන්න සම්බන්ධව සොයා බැලීමක් කළ යුතුව තිබෙන බවයි.

ඔහු මේ බව පැවසුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී අද(12) පැවති මාධ්‍ය හමුවකදී.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest