වත්මන් කොවිඩ් වසංගතය හමුවේ අඩපණ වී ඇති මෙරට සංචාරක කර්මාන්තය යළි ප්‍රතිස්ථාපනය කිරීම සදහා වර්තමාන රජය කටයුතු කල යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.
2019 වර්ෂය වන විට ලොව ආකර්ෂනීයම ගමනාන්තයන් අතරින් එකක් ලෙස ශ්‍රී ලංකාව හදුනාගෙන තිබුණු බවත් එය පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය හමුවේ අද වන විට එම තත්වය දක්නට නොලැබෙන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.
සංචාරයක කර්මාන්තය කඩිනමින් දියුණු කලහොත් රට තුළ පවතින විදේශිය විනිමය හිගයට ඒ තුලින් යම් සහනක් ලබා ගත හැකි බව විපක්ෂ නායකවරය නිකුත් කල නිවේදනයේ සදහන්.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංචාරක කර්මාන්තයේ වත්මන් ගැටලු පිලිබදව නිකුත් කල නිවේදනය පහතින්.