fbpx

මෙරට 26 වන අග්‍රමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිව්රුම් දෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 26 වන අග්‍රමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට ටික වෙලාවකට පෙර ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ කොටුව ජනාධිපති මන්දිරයේදී.

මේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති පදවියට පත් වූ හයවන අවස්ථාවයි.

1993 මැයි 7වනදා සිට 1994 අගෝස්තු 19 දක්වාත්, 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රියෙල් 6 දක්වාත්,2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 17 දක්වාත්, 2015 අගෝස්තු 17 සිට 2018 ඔක්තෝම්බර් 26 දක්වාත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස සිව් වරක් කටයුතු කර තිබෙනවා.

2018 ඔක්තෝම්බර් මස 26 වැනිදා පත් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් 2018 ඔන්තෝම්බර් මස 15 වැනි දින ඉල්ලා අස් වූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාව යලිත් 2018 දෙසැම්බර් මස 16 වන දින පස්වන වරටත් අග්‍රාමාත්‍ය ධූරයේ පත් කරනු ලැබුවා.

ඒ අනුව ඔහු මෙරට වැඩිම වාර ගණනක් නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්වූ පුද්ගලයා ලෙසට වාර්තා පොත් අතරට එක් වනවා.

කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නා.

ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා මෙරට අග්‍රාමාත්‍ය ධූරය ඉසිලූ එකම පුද්ගලයාද රනිල් වික්‍රමසිංහ මහතායි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles