fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

මේජර් ජනරල් විකුම් ලියනගේ මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ධුරයට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 59 වන මාණ්ඩලික ප්‍රධානි ධුරයට මේජර් ජනරල් විකුම් ලියනගේ මහතා අද (07) පත් කර තිබෙනවා.

වර්තමානයේ ඔහු ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක රෙජිමේන්තු කර්නල්වරයා සහ ශ්‍රී ලංකා යුධ හමුදා  වූෂු කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනවා.

මාතලේදී උපත ලද මේජර් ජෙනරල් විකුම් ලියනගේ මහතා අධ්‍යාපනය හදාරන්නේ මාතලේ විජය විද්‍යාලයෙන්.

අනතුරුව 1986 වසරේදී කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලකායට බැඳුණු ඔහු දියතලාව ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ සහ පාකිස්ථාන හමුදා ඇකඩමියේ මූලික හමුදා පුහුණුව ලබා තිබෙනවා.

නිලධාරි කැඩෙට් පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු ඔහු දෙවන ලුතිනන්වරයකු ලෙස යුද හමුදා ගජබා රෙජිමේන්තුවට එක වුනා . විකුම් ලියනගේ මහතා සිය තිස් පස් වසරක හමුදා දිවිය තුළ කාර්ය මණ්ඩල සහ උපදේශන පත්වීම් ගණනාවක් දරා තිබෙනවා.

• 4 වන ගජබා රෙජිමේන්තුවේ ප්ලටූන් කමාන්ඩර්, සමාගම් අණදෙන නිලධාරි සහ සහායක.

• 21 සහ 55 පාබල සේනාංකවල බුද්ධි නිලධාරිවරයා.

• 14 වන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරිවරයා.

• ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සහකාර.

• ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරී II (පරිපාලක).

• 10 වන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරියා.

• මාණ්ඩලික රාජකාරි අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II.

• 8 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිවරයා .

• 225 සහ 553 පාබල බලසේනාවල බලසේනා අණදෙන නිලධාරිවරයා.

• කොළඹ මෙහෙයුම් විධානයේ අංශ අණදෙන නිලධාරිවරයා.

• 215, 542, 224, 221 සහ 623 පාබල බලසේනාවල බලසේනාධිපති.

• ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ (OCDS) අධ්‍යක්ෂ (දහම සහ පුහුණුව) සහ අධ්‍යක්ෂ (මෙහෙයුම් සහ පද්ධති).

• සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරිවරයා (අම්පාර).

• මනෝ විද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා .

• 21 පාබල සේනාංකයේ අණදෙන නිලධාරීවරයා .

• ආරක්ෂක සේනා ආඥාපති (බටහිර).

• ආරක්ෂක සේනා ආඥාපති (මධ්‍යම).

මිට අමතරව මේජර් ජෙනරල් විකුම් ලියනගේ මහතා දේශීය පාඨමාලා ගණනාවක් ද සාර්ථක ලෙස හදාරා තිබෙනවා .

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest