fbpx

මෛත්‍රී සහ සජිත්ගේ සහය රනිල්ට හිමි නොවන ලකුණු

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නව රජයේ කිසිදු අමාත්‍ය ධූරයක් භාර නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව එහි නායක වති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

නව රජයේ කොටස්කරුවන් බවට පත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදි ආකාරයකින් ක්‍රියා නොකරන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

ඔහු මේ අඳහස් පළ කළේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී.

මේ අතර සමගි ජන බලවේගයද නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් තවදුරටත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය ලෙසින් කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles