fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

මොහොමඩ් රූමිට විදේශගතවීමට අධිකරණයෙන් අවසර

ඉකුත් ජනාධිපතිවරණයේ සමයේ සුදු වෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගිය බවට සඳහන් කරමින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තවත් විත්තිකරුවෙකු වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මහතාට විදේශගතවීම සඳහා කොළඹ මහාධිකරණය අද අවසර ලබාදුන්නා.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ මෝසමක් මාර්ගයෙන් කරුණු දැක්වූ මොහොමඩ් රූමි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු තම සේවාදායකයාට වෙළඳ ප්‍රදර්ශනයකට සහභාගිවීම සඳහා ජනවාරි මස 22දා සිට පෙබරවාරි මස 28 වන දා දක්වා කාල සීමාව තුළ විදේශගත වීමට අවශ්‍ය ව තිබෙන බව දැනුම් දුන්නා.

ඒ අනුව විත්තිකරුට දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ කාලසීමාව තුළ විත්තිකරුට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරමින් විදේශගත වීම සඳහා අවසර ලබා දුන්නා.

-අධිකරණ වාර්තාකරු උදය කුමාර-

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest