එංගලන්තයේ ලිවර්පූල් නගරයේ මෝටර් රථයක් පිපිරීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
මෙම සිදුවීම නිසා තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදි පනත යටතේ ලිවර්පූල් නගරයේ කෙන්සිංටන් ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වයස අවුරුදු 21,26 හා 29 යේ පසුවන්නන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.