fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

මෝඩ තකතීරු තීන්දු ගන්න එපා – විදුර වික්‍රමනායක (Video)

රට තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීම කුමන්ත්‍රණයක් බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

වත්මන් ආණ්ඩුව ගන්නා ඇතැම් තීන්දු තීරණය පිලිබඳව තමන්ටද ගැටලු පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (26) මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සපයමින්.

”ආර්ථික වශයෙන් අර්බුදයකට පත් වෙච්ච වෙලාවක දේශපාලන අර්බුදයකුත් නිර්මාණය කර ගන්නවා නම් මේ රටට මොකද වෙන්නේ.මිනිසුන්ට මොකද වෙන්නේ.ආර්ථිකය ඉදිරියට යන්න නම් දේශපාලන ස්ථාවරභාවය අත්‍යවශ්‍යයි”

මාධ්‍යවේදියා : දේශපාන අස්ථාවරභාවයක් බලහත්කාරෙන් ඇති කිරීම යම් කිසි කුමන්ත්‍රණයක්ද?

රජයට උපදෙස් දෙන්නේ කවුද කියන එක පිලිබදව මට නම් ගැටලුවක් තියෙනවා.සමහර මෝඩ තකතීරු තීන්දු තියෙනවා.ඒ නිසා තමා මේ ගැසට් ආපහු කැදවන්නට වෙලා තියෙන්නේ.මේක අද ඊයේ නෙවෙයි.හාල් වල ඉදන් පටන් ගන්නේ.නමුත් මේ තීන්දු තීරණ පිටිපස්සේ ඉන්නේ කවුද ? නිලධාරීන්.ඒ ඒ විෂය පිලිබදව දැනුමක් නැති ඇමතිවරු ඉන්නකොට නිලධාරීන්ට ලේසියි ඔවුන්ගේ න්‍යාය පත්‍රට අනුව වැඩ කරන්න.මේ රටේ හිතාගන්න බැරි නිලධාරිවාදයක් ක්‍රියාත්මක වෙනවා”

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest