fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

යලි නැගිටින “ඇල්ල” සංචාරක පාරාදීසය – (Video)

“ඇල්ල” දෙස් විදෙස් සංචාරකයින්ගේ පාරාදීසයක්.

කොවිඩ් වසංගතය හමුවේ ඇල්ලත් වැසි ගියා.

නමුත් දැන් දැන් ඇල්ල යලිත් සංචාරකයින්ගෙන් සක්‍රීය වෙමින් තිබෙනවා.

මේ ඇල්ලේ තොරතුරු සොයා අපි කල සංචාරයක්

ඌව පලාතේ ප්‍රමුඛතම සංචාරක කලාපය වන්නේ ඇල්ලයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගෙන් 6% ක් ඇල්ලට පැමිණෙන බව සංචාරක මණ්ඩලයේ තොරතුරු වල දැක්වෙනවා.

ඇල්ලට එන සංචාරකයින්ගෙන් 30% ක් කැමැත්ත දක්වන්නේ ස්වභාවික පරිසරයේ සුන්දරත්වය අත්වින්දිමටයි.

ඇල්ල ගල ඇතුළු බෑවුම් සහිත දර්ශනීය කඳු ,මීදුම සහිත සිසිල් දේශගුණය හා රාත්‍රී සීත සහිත කාලගුණය ඇල්ලේ පරිසර චමත්කාරයට හේතු වනවා.

ඇල්ලට එන සංචාරකයින්ගෙන් 24% ක් වඩා කැමති වන්නේ එහි ඇති වතාශයටයි. සංචාරකයින් අතරින් තවත් 28% ක් කඳු තරණයට සහ කඳවුරු බැඳීමට ඇල්මක් දක්වනවා.

රාවනා ඇල්ල,දෙමෝදර ආරුක්කු නවයේ පාළම, පුංචි සිරීපාදය ඇල්ලේ සංචාරක ආකර්ෂණය වැඩි කරන තවත් ස්ථාන.

මෙහි එන සංචාරකයින්ගේ නවාතැන් පහසුව වෙනුවෙන් විශාල සංචාරක හෝටල් මෙන්ම ගෘහස්ථ නවාතැන් පලද බහුලයි.

ඇල්ලට එන විදෙස් සංචාරකයින්ගෙන් 17% ක් ගෘහස්ථ අත්දැකීම් ලබාගැනීමට කැමැත්තක් දක්වන බව සංචාරක මණ්ඩල තොරතුරුවල දැක්වෙනවා.

මෑතකදි ඇල්ලේ සංචාරක සත්කාරය ලෝකය හමුවේ වඩා කතාබහට ලක්වන්නේ , කොවිඩ් වසංගතය හමුවේ තම මව් රටවලට යාමට නොහැකිව සිරවී සිටි සංචාරකයින් පිරිසකට රැකවරනය ලබා දීමේ සිද්ධියත් සමගයි

රාවනා විසින් සීතා ගුවනින් රැගෙන විත් රාවනා කන්දේ සැගවූ බවට ජනප්‍රවාදයේ කියවෙනවා.

සිතා ආපු විදිහට නොවුනත් ඇල්ලේදී ගුවනින් යන්න දැන් සංචාරකයින්ට අවස්ථාව තියෙනවා

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest