රජය නැවත පොහොර ගෙන ඒමට ගත් තීරණය සාධනීය තීරණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (21) සමගි ජනබල වේගයේ සමඟි විහිදුම් බලගණය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.
සමගි ජනබලවේගයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.
රජය විප්ලව කිරීමට ලෑස්ති වුවද ඒවා කරගැනීමට නොහැකි බව පැවසූ ෆොන්සේකා මහතා පවතින ආර්ථික අර්බුදය නිසා නිසා දුප්පත් මිනිසුන්ට පමණක නොව මධ්‍යම පාන්තිකයින්ටද ජිවත් වීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව පැවසුවා.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද තරුණ පරපුර අපේක්ෂා භංගත්වයට පත්ව සිටින බවත් පාස්පෝට් පෝලිම් තුළින්ම ඒ බව පෙනෙන්නට තිබෙන බවත් පැවසුවා.
තරුණ අසහනය පිළිබදව කොමිෂන් වාර්තාවේ නිර්දේශ රැසක් ඇති නමුත්,අද එහි නිර්දේශ රැසක් උල්ලංඝනය වී ඇතැයි ද පැවසූ විපක්ෂ නායක වරයා අද අවශ්‍යව ඇත්තේ සහභාගීත්ව රාජ්‍ය පාලනයක් බවද පැවසීය.