fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

රටට ඇතුළුවන සැමට අන්ටිජන් නොව PCR පරීක්ෂණ කරන්න – රවී කුමුදේශ් (Video)

දකුණු අප්‍රිකාවේ සිට පැමිණි අයෙකුගෙන් ඔමික්‍රෝන් සොයාගත් බව කියන සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශය සාවද්‍ය බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.

නයිජීරියාවේ සිට පැමිණි 25 හැවිරිදි කාන්තාවකගේ අහම්බයෙන් සිදුකල (ON arrival PCR) පරීක්ෂණයක වැඩිදුර අධ්‍යනයට යොමු කිරීම මගින් ප්‍රථම වරට ශ්‍රී ලාංකීය පුරවැසියෙකුගෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය හදුනා ගත් බවයි ඔහු පවසන්නේ.

මාරවිල ප්‍රදේශයේ පදිංචි ඇයට මේවන විටත් සැලකිය යුතු රෝග ලක්ෂණයක් නොමැති බව ඇය පවසන අතර, අද උදෑසන සිදු කල ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ ප්‍රතිඵල මගින් නෙගෙටිව් වාර්තා ලැබී ඇති බවද වාර්තාවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ මගින් තහනම් කර ඇති නිසා, මේවන විට රටට ඇතුළුවන බහුතරයකගේ කිසිදු පරීක්ෂාවක් සිදු නොකරන අතර, ඔවුන් හරහා ඉතා පහසුවෙන් ඔමික්‍රෝන් රටට ඇතුළුවී තිබිය හැකි බවයි කුමුදේශ් මහතා වැඩිදුරටත් පවසන්නේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest