රත්නපුර නගරයේ පිහිටි අවන්හලක අද (16) පෙරවරුවේ පිපිරීමක් සිදුව තිබෙනවා.
පෙරවරු හතට පමණ සිදුවූ මෙම අනතුරින් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙම අවන්හල පිහිටි ප්රදේශය අවට ජනතාව පවසන්නේ අවන්හලේ තිබු ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
පිපිරිම සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.