යුද්ධ සමයේදී එල්.ටී.ටී.ඊ ය විසින් වළ දැමුවා යැයි කියන රත්‍රං තොගයක් රහසිගතව ගොඩ ගැනීමට තැත්කළ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ පුද්ගලික කාර්යය මණ්ඩල ලේකම්වරු දෙදෙනෙකු පිළිබඳව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඔවුන් දෙදෙනා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාගේ සහ ධීවර අමාත්‍යවරයාගේ ලේකම්වරුන් බව සදහන් .
මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බවයි .
අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසන්නේ සිද්ධියට සම්බන්ධ යැයි කියවෙන තම සම්බන්ධීකරණ ලේකම්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදී අත් හිටවූ බවයි.