පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ නායයාම් රතු නිවේදන නිකුත් කර ඇති ස්ථාන වලින් ඉවත් නොවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්න බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ සඳහන් කළා.
මියගිය අයගෙන් දහතුන් දෙනෙකුම මියයාමට හේතුව ජලයේ ක්‍රිඩා කිරීමට යාම, ඔරු පැදීම,රළ පහර සමඟ පිහිනීමට යාම වැනි කරුණු නිසා බව ඔහු සඳහන් කළා.
මේ අතර නායයාමෙන් අනතුරට ලක් වූ නිවාස දෙකක්ම රතු නිවේදන නිකුත් කර තිබු නිවාස බවද අධ්යක්ෂ ජනරාල් වරයා වැඩිදුරටත් සඳහන් කළා.