අද ආරම්භ වුණු ශ්‍රී ලංකාව – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරුන්ගේ ප්‍රධානී රංජන් මඩුගල්ල මහතා තරග තීරකවරයකු ලෙස කටයුතු කරන 200 වැනි තරගය බවට පත් වෙමින් සුවිශේෂී කඩඉමක් පසු කලා.
ඒ අනුව ලොව ටෙස්ට් තරග 200ක තරග තීරකවරයා ලෙස කටයුතු කරන පළමු තරග තීරකවරයා බවට මඩුගල්ල මහතා පත් වුණා.
ඒ වෙනුවෙන් මඩුගල්ල මහතා ට ICC සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපහාර පිරිනැමීමක් ද අද සිදුවුණා.
මෙම සුවිශේෂී කඩ ඉම ඉක්මවායෑමට පෙර පළමුවරට ලොව ටෙස්ට් තරග 100 ක් සහ ටෙස්ට් තරග 150 ක සීමාව පසුකළ පළමු තරග තීරකයා ලෙසින්ද රංජන් මඩුගල්ල මහතා වාර්තා පොත් අතරට එක්වනවා.