fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

රනිල් වික්‍රමසිංහ මහතාගේ රිට් පෙත්සමට අධිකරණයෙන් දින නියම කෙරේ

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනුකර තිබෙන රීට් පෙත්සම සලකා බැලීම සදහා ජනවාරි මස 28 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද(09) නියම කළා.

ඒ නිශ්ශංක බන්දුල කරුණාරත්න, දේවිකා අබේරත්න සහ ඩී. එම්. සමරකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද(09) කැඳවනු ලැබූ අවස්තාවේදියි.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා කළ ඉල්ලීමක් පිළිගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 28 වනදා කැඳවීමට නියම කළා.

පෙත්සම්කාර කාදිනල් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ ඉකුත් යහපාලන රජය සමයේ ස්ථාපිත කළ දූෂණ මර්දන ලේකම් කාර්යාලය හා සම්බන්ධ කටයුතු කීපයකට තමන් වගකිව යුතු බවට දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත් කර ඇති බවයි.

එසේම තමා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ දූෂණ මර්දන ලේකම් කාර්යාලය ක්‍රියාත්මක වූයේ තමන් යටතේ නොවන බවත් එහි කටයුතු වලට තමන් මැදිහත් නොවූ බවත් පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

-අධිකරණ වාර්තාකරු උදයකුමාර්-

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest